GuidePedia

0
වයසට යෑම අඩු කරන දේශීය රහසක්

බහුතරයක් කැමති වයසට නොයා ඉන්න. ඔයාල දැකල ඇති සමහරුන්ට වයස 40 පැනලත් කියන්න බැහැ ඔහුන්ගේ වයස 40යි කියල. හරියට ඔහුන්ගේ පෙනුම අවුරුදු 30 යේ තරුණ තරුණියන් වගේ. මොකක්ද මේකේ රහස. ඔයාල නොදන්නවා උනාට ඔයාල ගන්නා ක්ෂණික ආහාර ඔයාලගේ ශරීරයේ ඇතිවන මුක්ත ඛණ්ඩ වැඩි කරනවා. එමගීන් ශරීරයේ සෛල ඉක්මනින් වියපත් වෙනවා. අපි බලමු මේ මුක්ත ඛාණ්ඩ උදාසීන කරවන ප්‍රතිඔක්සිකාරක සහිත දේශීය රහස් ටිකක්.

නැවුම් පලා වර්ග අපේ ආහාරයේ අනිවාර්යය අංගයක් බව ඔබ දන්නවා. මෙම කොළවලින් කොළ කැඳ හදාගත්තාම එය දෛනික ආහාර වේලක් විදියටත් යොදා ගන්න පුළුවන්. කොළ කැඳ ඉතාම රසවත් වගේම ගුණදායක ආහාරයක්. දවසේ ඕනෑම අවස්ථාවකදී කොළ කැඳ ආහාරයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම උදේ ආහාරය සඳහා පෝෂ්‍යදායක සැහැල්ලු ආහාරයක් වෙනවා

නැවුම් පලා වර්ග අපේ ආහාරයේ අනිවාර්යය අංගයක් බව ඔබ දන්නවා. මෙම කොළවලින් කොළ කැඳ හදාගත්තාම එය දෛනික ආහාර වේලක් විදියටත් යොදා ගන්න පුළුවන්. කොළ කැඳ ඉතාම රසවත් වගේම ගුණදායක ආහාරයක්. දවසේ ඕනෑම අවස්ථාවකදී කොළ කැඳ ආහාරයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම උදේ ආහාරය සඳහා පෝෂ්‍යදායක සැහැල්ලු ආහාරයක් වෙනවා.

පෝෂණ සංඝටක

කොළ කැඳවලට යොදා ගන්නා විවිධ නැවුම් කොළ වර්ගවල බොහොමයක් පෝෂණ සංඝටක අඩංගු වෙනවා. මේවායේ කැලරිමය අගය හා මේද පවතින්නේ ඉතා අඩුවෙන්. මේ නිසා තරබාරු අයටත්, හෘද රෝගීන් වැනි අයටත් ආහාරයක් ලෙස ඉතාම සුදුසුයි. නමුත් ප්‍රෝටීන, යකඩ, කැල්සියම් වැනි පෝෂණ කොටස් අධිකව තිඛෙනවා. උදාහරණයක් වශයෙන් කරපිංචා කොළ ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 830ක් පමණ තිඛෙනවා.

මීට අමතරව විටමින් සී, විටමින් කේ, ජ්රදඑැබදසාි හා  දෙක්එැ වැනි සංඝටකද සැලකියයුතු ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ නිසා කොළකැඳ ඉතාම ගුණදායකයි. කොළ කැඳවල කෙඳිති විශාල වශයෙන් අඩංගු වෙනවා. ඒ නිසා ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම වළක්වනව වගේම මලබද්ධය වැනි සුලබ රෝගාබාධ පහසුවෙන් වළක්වනවා.

කොළ කැඳවලට පොල්කිරිත් එකතු කරන නිසා එහි ඇති තෙල් සමග මේදයේ දියවන විටමින් ම් වැනි සංඝටක පහසුවෙන් අවශෝෂණය වෙනවා. පෝෂණ ගුණයත් වැඩිවෙනවා. සාමාන්‍යයෙන් කොළ කැඳ කෝප්පයක් බොන්නෙ කිතුල් හකුරුත් එක්ක. එවිට කොළ කැඳ තවත් රසවත් වෙනව විතරක් නෙවෙයි ගුණයත් වැඩි වෙනවා.

සමේ පැහැපත් බවට
කොළ කැඳවල ප්‍රතිඔක්සිකාරක විශාල වශයෙන් අඩංගු වෙනවා. මේවා මගින් ශරීරයේ ඇතිවන මුක්ත ඛණ්ඩ උදාසීන කරනවා. ඒ නිසාම වයසට යෑමේදී ශරීරයේ ඇතිවන විපර්යාස පාලනය කර නිරෝගී පැහැපත් ශරීරයක් ලබාදෙනවා. සම පැහැපත් වෙනවා. වයසට යෑම නිසාම ඇතිවන රෝග සෑදීම පමා කරනවා. ඔබට තරුණ පෙනුමක් ලබා දෙනවා. මේ සියල්ල ඇතිකරන කොළවල ඇති රසායන ඛාණ්ඩය ෆීනෝලීන සංයෝජන කියල හැඳින්වෙනවා. මෙවැනි සංයෝග 8,000ක් පමණ නැවුම් කොළවල (පලා වර්ගවල) අඩංගු වෙන බව සොයා ගෙන තිඛෙනවා.

සුදුසු කොළවර්ග
ආහාරයට ගන්නා බොහොමයක් කොළ වර්ග පලා වර්ගවලින් කොළ කැඳ හදන්න පුළුවන්. මුකුණුවැන්න, සාරණ, රණවරා, පොල්පලා වැනි ඕනෑම ශාක වර්ගයක් යොදා ගන්න පුළුවන්.

එහෙත් සම පැහැපත් කිරීමටත් නිරෝගීකම ආරක්ෂා කිරීමටත් වගේම තරුණ පෙනුම රැක ගැනීමටත් විශේෂ කොළ වර්ග කීපයක් යොදා ගන්නව. ඒවානම් හාතාවාරිය කොළ, ගොටුකොළ, කරපිංචා කොළ, ඉරමුසු ආදියයි.

කොළ කැඳ සෑදීම
විශේෂයෙන් රතුකැකුළු හාල් කොළ කැඳ සඳහා සුදුසුයි. අවශ්‍ය නම් මුං ඇට වුවද හොඳයි. මීට අමතරව ලුනු ස්වල්පයක්ද එකතු කර රසය වැඩි කරගත හැකියි. රසය හා ගුණය තවත් වැඩිකර ගැනීමට ඉ`ගුරු කැබැල්ලක් හා සුදුළුෑණු බික් කීපයක්ද එකතු කරන්න පුළුවන්. සමහර අය උළුහාල් ඇට ස්වල්පයක් එකතු කරනව. උළුහාල් වැඩිපුර දැමීමෙන් තිත්ත රසත් ඇතිවෙන්න පුළුවන් බව මතක තබා ගන්න. කොළ කැඳ පිළියෙල කිරීමේදී මඳ රස්නයෙන් තැම්බීම වැදගත් වගේම මැටි බඳුනක පිළියෙල කරන්නේ නම් වඩා සුදුසුය.

සාදන ක්‍රමය
1. පළමුව හොඳින් සෝදා පිළියෙල කරන ලද නැවුම් කොළ අවශ්‍ය ප්‍රමාණය වංගෙඩියක දමා කොටා යුෂ මිරිකා ගත යුතුයි. පොල්කිරි ස්වල්පයක්ද අවශ්‍යයි.

2. වතුර අවශ්‍ය පමණට දමා කැකුළු හාල් උයා ගන්න. එයට පොල්කිරි ස්වල්පයක්ද දමා රත් කර ගන්න. ඉ`ගුරු කැබැල්ලක් හා සුදුලූනු බික් එක දෙකක්ද එකතු කර ගන්න. මෙම මිශ්‍රණ හොඳින් ඉදුණු පසුව හැන්දකින් බික් ඇට හොඳින් පොඩිකර ගන්න.

3. අවසානයේදී කොළ වර්ගය කොටා මිරිකාගත් යුෂ හොඳට එකතු කර විනාඩි 1ක් 2ක් පමණක් තබා බිමට බාගෙන මඳක් සිසිල් වෙන්න තබන්න. ලුණු ස්වල්පයක් එක්කර මඳ රස්නය ඇතිවිට හකුරු සමඟ ආහාරයට ගත හැකිය. කොළ කැඳ එකතු කර වැඩි වේලාවක් තැම්බීමෙන් වළකින්න. මෙසේ සාදාගත් කොළ කැඳ ඉතා ප්‍රණීත මෙන්ම ගුණදායක ආහාරයකි.

කාන්තාවන්ගේ රුව රැක ගැනීම සඳහා දිනපතා වුවද ආහාරයට පිළියෙල කරගත හැකි කොළ කැඳ වර්ග කීපයක් වෙයි.

ඉරමුසු කොළකැඳ
ඉතා සුවඳවත් ඉරමුසු කොළ කැඳ ම`ගින් ශරීරය සිසිල් කරනවා. වැඩිපුර දහදිය දමන අයගේ එම තත්ත්වය අඩු කරනවා. ශරීරයේ දැවිල්ල නැති කරනවා. ආහාර රුචිය වැඩිකර නිතර ඇතිවන පිපාසය සන්සිඳවනවා. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරනව. මීට අමතරව ඉරමුසුවල අක්මා ෙසෙල ආරක්ෂා කිරීමට මෙන්ම ඔබව පිළිකාවලින් වළක්වා ගැනීමේ හැකියාවක්ද තිඛෙනවා.

ගොටුකොළ කැඳ
ගොටුකොළ බුද්ධි වර්ධන ද්‍රව්‍යයක් ලෙස ප්‍රකටයි. එසේම වයසට යෑමේ වේගය අඩු කරනවා. ශරීරය පැහැපත් කරනවා. එමෙන්ම zරසායනZ ගුණයෙන් යුක්තයි. විශේෂයෙන්ම ගොටුකොළවලට ශරීරය පෘෂ්ඨිමත් කරන්න පුළුවන්. මොළයේ ක්‍රියාකාරිත්වයටද ගොටුකොළවල බලපෑමක් තිඛෙනවා.

හාතාවාරිය කොළකැඳ
හාතවාරිය මගින් ශරීරය නිරෝගී කරනව. වයසට යෑමත් සමග ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරනවා. ශරීර ශක්තීන් වර්ධනය කරනව. ශරීර දැවිල්ල නැති කරනව. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරනව. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසුය. මෙමගින් පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කරනව. ශරීරයේ ප්‍රතිශක්තියද වැඩිදියුණු කරනව.

කරපිංචා කොළ කැඳ
කරපිංචා කොළ කැඳ ඉතා සුවඳවත්ය. ආහාර රුචිය වැඩි කරනවා. ආහාර දිරවීමටද ඉක්මන් කරනවා. ඉහත සඳහන් කොළ කැඳවල අඩංගු ගුණවලට අමතරව රුධිරගත කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකියාව කරපිංචාවලට තිඛෙනවා. එම නිසා අධි රුධිර පීඩනය, හෘදයාබාධ මෙන්ම තරබාරු අයටත් කරපිංච කොළ කැඳ විශේෂයෙන්ම ගුණදායකයි.


මේ අනුව අපට එදිනෙදා ආහාරය සඳහා කොළකැඳ ගැනීමෙන් පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වනවා මෙන්ම ශරීර බර අඩු කර ගැනීමට, සම පැහැපත් කරගැනීමට හැකියාව ලැබීම මෙන්ම තරුණ නිරෝගී ශරීරයක් ලබා ගැනීමටද හැකි බව ඔබට පෙනෙනවා ඇත.



Post a Comment

 
Top