GuidePedia

0

මහින්දට දිනන්න සරු පසක් දැන් නෑ.. අමිල හිමියෝ රනිල්ට වපුරන්න කුඹුර හාති..



අද වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට වැඩෙන්නට සරැ පසක් මේ පොලොව් නැතැයි පුරවැසි බලය සංවිධානයේ සාමාජික කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කියති.
නුගේගොඩදී පැවති එම සංවිධානයේ ජනරැළියක් අමතමින් උන් වහන්සේ මෙසේද කියා සිටියහ.
‘මහින්ද වැනි අය පත්වීම වැළැක්වීම පුරවැසි බලවේග වල වගකීමයි. අද හතරදෙනෙකුට හරි නාමයෝජනා ලැබී නැත්තේ පුරවැසි බලවේග වල බලපෑම නිසයි. මහින්දට අද පුරවැසි බලවේග ඉදිරියේ දණගහන්න වෙලා තියෙනවා. ඉතිරි ඉණිම ගහන්නයි අප මෙහි රැුස්වුණේ. අද අපි යන්නේ ශතක පිට ශතක ගහන ඉණිමකටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආශ්වාදය රටට උරුම කරදිය යුතුයි. ජනාධිපතිතුමා කිව්වා වාගේ මහින්ද සංස්කෘතිය හැරුණු තැපෑලෙන් හරවා යැවිය යුතුයි.
දැන් බැහැ මහත්තයෝ ජාතිවාදය වපුරලා බලය ගන්න.සුදු වෑන් සංස්කෘතිය පතුරුවලා බලයගන්න.මහින්දට වැඩෙන්න සරු පසක් මේ පොළොවේ නැහැ.ඔහු වැඩෙන්න හදන පස අපි නිසරු කරනවා’


July 17, 2015 at 12:00 pm | lanka C news

Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top