GuidePedia

0
ගුගල් වෙතින් ලෝකෙටම Free wifi

ඔයාල දන්නවනේ අපෙ ලංකාවේ උන්දැලත්, ලංකාවටම නිකන් වයි ෆයි දෙන්නම් කියල අපේ ජන්ද ඩැහැ ගත්තා. අන්තිමට උනේ පොදු ස්ථාන දෙක තුනකට පමණක් 100GB සීමා වූ wifi භුක්ති විඳින්න. මේ සොච්චම් ඩේටා නිසාම අපේ කොල්ලෝ අතරේ ප්‍රස්තා පිරුලකුත් බුකියේ හැදුනා මතකයිනේ ''ලංකාණ්ඩුවෙන් ලංකාවටම Free wifi දුන්න වගේ" කියල. තැන නොතැන නෝන්ඩියට වගේ මේ පිරුල අද දසත ප්‍රසිද්දත් උනා. මේ කියන්න යන්නේ ''ලංකාණ්ඩුවෙන් ලංකාවටම Free wifi දුන්න වගේ'' කතාවක් ගැන නම් නෙමෙයි. මුළු ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දීමක් ගැනයි මේ පවසන්නේ. මේක ඇසූ පමණින් ඔබ මවිතයට පත් වෙනවා කියල මම දන්නවා.
මේක කිරීමට බලාපොරොත්තු වන්නේ නිතර අන්තර්ජාලයට අලුත් නිර්මාණ බිහිකරන ගුගල් සමාගමයි. ඔහුන්ගේ මීළග යෝධ පියවර ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දීම. Sidewalk Labs කියන්නේ Google ආයතනයට අනුබද්ධිත ආයතනයක්. මේ ආයතනය සමග එක් වෙලා තමයි මේගොල්ලෝ මේ යෝධ පිම්ම පනින්න හදන්නේ. මේ අනුව මුළු ලෝකයේම නගර ගම් දනව් සිසාරා ගාස්තු අය නොකරන WiFi hotspot ජාලයකින් යුක්ත වේවි. හැබැයි මේක "ලංකාණ්ඩුවෙන් ලංකාවටම Free Wifi දුන්න වගේ" නොවේවි කියල හිතනවා.

Post a Comment

 
Top