GuidePedia

0
ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ආයු කාලය වැඩිකරගමුද?
විස්මයජනක සරල පියවර කිහිපයක්

බාල මහළු කොයි කවුරුත් අතේ ස්මාර්ට් ෆෝන් එකක් ඇතිවාට සැකයක් නැත. ස්මාර්ට් ෆෝන් භාවිතා කරන අයගේ ප්‍රධානතම ගැටළුව වන්නේ බැටරි ආයුකාලයයි. ඉක්මනින් බැටරි බැසීම මෙන්ම එහි ආයුකාලය ඉක්මනින් ගෙවීම නම් මෙහි ඇති ප්‍රධානතම ගැටළුවයි. දැන් අපි බලම්මු ඔබගේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ආයුකාලය වැඩිකරගන්නා වූ විස්මිත වූත් සරල වූත් ඔබ නොසිතු පියවර කිහිපයක්.




1. ඔබගේ ස්මාර්ට් ෆෝන් එක තබා තිඛෙන පාරිසරික උෂ්ණත්වය පිලිබඳ සැලකිලිමත් වන්න. එය නිරතුරුව සෙල්සියස් 0-33 අතර තැබිය යුතුය. එය කාමර උෂ්ණත්වයේ පැවතීම සුදුසුයි.

2. ඔබේ ස්මාර්ට් ෆෝන් එකෙහි මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයාර් නිරතුරුව යාවත්කාලින (update) කර තැබිය යුතුයි.

3. ඔබේ ස්මාර්ට් ෆෝන් එකෙහි තිරයේ brightness අඩුකර තබන්න. එය ඔබේ දෑසෙහි නිරෝගී බවටත් උපකාරී වේවි.

4. Push notification අක්‍රිය කර තබන්න.

5. Location service භාවිතා කිරීම හැකිතාත්ම මගහරින්න. Location service මගින් ඔබේ බැටරි කාලය වේගයෙන් අඩු කරනු ඇත.

6. low,no coverage area වලදී Airplane Mode හෝ Flight Mode භාවිතා කරන්න.

7. ඔබ ෆෝන් එක භාවිතා නොකරන සෑම අවස්තාවකදීම ලොක් කිරීමට වග බලා ගන්න.

මෙම සරල ක්‍රම කිහිපය අනුගමනය කිරීමෙන් ඔබේ බැටරි ආයුකාලය වැඩිකරගත හැකි වනු නොඅනුමානය.

Post a Comment

 
Top