GuidePedia

0

මීළඟ මෙහෙයුම ඊශ‍්‍රායලයට එරෙහිවයි… – ඔබාමා


මීළගට ඊශ‍්‍රායලයේ න්‍යෂ්ටික අවි සංචිතයට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බව ඇමරිකානු ජනාධිපති බරුක් ඔබාමා පවසා ඇතැයි වාර්තා වේ.
ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමිනි.
රුසියානු ජනාධිපතිවරයාට අනපේක්‍ෂිත ඇමතුමක් දුන් ඔබාමා පසුගියදා ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික එකගතාවය සඳහා සහය දීම පිළිබඳව රුසියානු ෆෙඩරේෂණයට ස්තූතිය පුද කළ බවද රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ වාර්තාවක දක්වා තිබේ.
මේ අතර ඉරාන එකගතාවය ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලය විසින් අනුමත කිරීම පිළිබඳව පුටින් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔබාමා පවසා ඇත්තේ අනිවාර්යයෙන්ම ඊට අනුමැතිය හිමිවන බවයි.
මේ අතර ඉතාලිය, ස්පාඤ්ඤය හා පෘතුගාලය ඇතුළු නේටෝ සාමාජික රාජ්‍යයන් කිහිපයක් තුළ සැප්තැම්බර් 28 – නොවැම්බර් 6 අතර පැවැත්වීමට නියමිතව තිබූ කොමන්වෙල්ත් ට‍්‍රයිඩන්ට් ජන්චර් 2015 යුධ අභ්‍යාසය මධ්‍යධරණී කලාපය තුළ පවත්වන බව නේටෝ සංවිධානය විසින් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
රටවල් 30ක හමුදා භටයින් 36000ක් සහභාගි වන මෙය නේටෝව මෙතෙක් පවත්වන විශාලතම මිලිටරි අභ්‍යාසය වන අතර ස්ථානයේ සිදුකළ වෙනස ඊශ‍්‍රායලයට එරෙහි පියවරක් ලෙස සැලකේ.
මෙය ඔබාමාගේ දුරකථන ඇමතුමට පැය කිහිපයකට පෙර ප‍්‍රකාශයට පත්වීම විශේෂත්වයකි.

July 17, 2015 at 9:30 am | lanka C news

Post a Comment

 
Top