GuidePedia

0

ලේක්හවුස් එජාප සභාපතිගේ යහපාලන දුෂණ එජාප ලේකම් හෙළි කරයි..

ලේක්හවුස් ජාතික සේවක සංගමයේ මහා පරිමාණ ජාවාරම් වලට වහා පියවරක් ගන්නා ලෙස ජා.සේ. සංගමය ලේක්හවුස් ශාඛාවේ ලේකම් සංජිව සමරසිංහ මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා  සිටී.
පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලිපියයි.
ගරු අගමැතිතුමා,
අරලියගහ මන්දිරය.
ගරු අගමැතිතුමනි,

ලේක්හවුස් ජාතික සේවක සංගමයේ මහා පරිමාණ ජාවාරම් වලට එරෙහිව  පියවරක් ගැනීම උදෙසා

ලේක්හවුස් ජා.සේ. සංගමයේ වර්ථමාන සභාපතිවරයා ලෙස කටයුතු කරන සුභාෂ් කරුණාරත්න අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළු විමට ගන්නා උත්සාහය ව්‍යර්ථ කළ ඔබතුමාට පළමුව ස්තූතිවන්ත වෙමි. නමුත් ඔහු සාමාන්‍ය සාමාණ්‍යාධිකාරී තනතුරේ සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුර දක්වා උසස් වීමක් ලද අතර 2014 ජනවාරි මස සිට ලක්ෂ ගණනක හිග මුදලක් ලබා ගෙන ඇත්තේ ඔහුගේ දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කොට අධ්‍යක්ෂ මණ්ඩලයේ නීති විරෝධී අනුමැතිය ලබා ගැනීමෙන්ද පසුවය. එපමණක් නොව තවත් ලක්ෂ ගණනක වරදාන වරප‍්‍රසාද ද ඔහු ලබාගෙන ඇති බව වගකීමෙන් පෙන්වා දෙමි. ප‍්‍රශ්නය වන්නේ ඔහු ලබාගත් දේ පිළිබදව නොව ඒ සියල්ල ලබා ගැනීමට ඔහු අනුගමනය කළ ක‍්‍රමවේදය පිළිබදවයි.
සුභාෂ් කරුණාරත්ත පෙන්වා දී ඇති ආකාරයට ඔහු දේශපාලන පලිගැනීම් වලට ලක්වූ අයෙකි. මේ අශිෂ්ඨ ක‍්‍රමය කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැති ඔහුට ප‍්‍රශ්ණයක් නොවන නමුත් අපිට මහත් ප‍්‍රශ්නයකි. මන්ද ඔහුගේ ඉතිහාසය තුළම අප දන්නා තරමට දේශපාලන පලිගැනීම් ඔහුට  නොතිබුන අතර තිබුණේ පාවාදීම් පමණක් නිසාය.
මාගේ මතකයේ හැටියට ඔහු විශාලතම පාවාදීම සිදු කළේ ලූෂන් රාජකරුණා සභාපති ලෙස ලේක්හවුස් පාලනය කළ අවධියේය. එම වකවානුව තුල සිදු වූ අවිධිමත් පරිපාලනය සහ දුෂණයට එරෙහිව සමස්ථ සේවකයන් සභාපතිට එරෙහිව මහා වැඩ වර්ජනයක් කරද්දී සුභාෂ් කරුණාරත්න සභාපතිගේ කාමරයේ සැගවී එම වැඩ වර්ජනය සාර්ථකව මෙහෙය වූ අපගේ සියලූ තොරතුරු ලබා දෙමින් සේවකයන් 15කට ආසන්න ප‍්‍රමාණයක් වැඩ තහනමකට ලක් කිරිමට කටයුතු කිරිම ප‍්‍රසිද්ධ කරුණක් විය.
2005 වන තුරුම ඔහු ජා.සේ. සංගමයේ සෑම නිලවරණයකටම ඉදිරිපත් වෙමින් ඡුන්ද 1800 කින් 50ක් වත් ලබා ගැනිමට නොහැකිව හතර වරක් මහා පරිමාණයෙන් පරාජයට පත්වූ සමස්ථ සේවකයන්ගෙන් ප‍්‍රතික්ෂේප වූ පුද්ගලයෙකි.
2005 වසරේ දී හිටපු ලේකම්වරයා ඇතුළු පිරිසක් ආණ්ඩුවට එකතුවීමට උත්සහ ගනිදදී මා ඔබතුමාට ඒ පිළිබදව ලිඛිතව අනාවරනය කොට නිලවරණයක් ඉල්ලා සිටියෙමි. උප ලේකම් ලෙස කටයුතු කළ මා හට ඒ අවස්ථාව හිමි වූ අතර මා හිතවතුන්ගේ ඉල්ලීම පරිදි සුභාෂ් ඇතුළු පිරිස සම්බන්ධ කර ගත්තද එම තීරණයට එවකට අප සභාපති ලෙස කටයුතු කළ නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාද දැඩි විරෝධය පාමින් සුභාෂ් වැනි තද ආත්මාර්ථකාමියෙකු සම්බන්ධ කර ගැනීමේ විපාක කවදා හෝ විදීමට සිදුවන බවට අනතුරු ඇගවීය. ලද්දුහෙට්ටි මහතා එදා කළ අනාවරනය අද යථාර්ථයක් බවට පත්වෙමින් මේ දුෂිත ආත්මාර්ථකාමියා දේශපාලන පලිගැනීම් වලට ලක්වූ සියළු සාමාජිකයන් පාවා දෙමින් ඉතාමත් අසාධාරණ ලෙස තමාගේ බඩගෝස්තරය රැක ගැනීමේ පාපතර කි‍්‍රයාවක නිරත වෙයි.
ලේක්හවුස් හිටපු සභාපතිවරයාගේ කෲර දේශපාලන පලිගැනීමකට මා ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් ලක්වූ බව නොරහසකි. බන්දුල පද්මකුමාරගේ දුෂණ වලට එරෙහිව මා සමස්ථ සේවකයන් සමග ඔහුට එරෙහිව සටන ආරම්භ කරද්දිම මට රු. 1.62.000 වැටුපක් අල්ලසක් ලෙස ලබා දීමට උත්සහ ගත් අතර මා ඊට එරෙහිව කොටුවේ පොලිසියේ 2008.-12.-18 දින පැමිණිලි කළෙමි. ඊට පසුව මා අනුරාධපුරයට මාරුකළේය. මා සමග කටයුතු කළ ජා.සේ. සංගමයේ සහ එජාප ප‍්‍රබල කි‍්‍රයාකාරිකයයන් වූ ජයනාත් කුරුප්පු, කේ. ගුණපාල, කේ.කේ. ගුණසිරි. පාලිත ජයසිංහ, ජයසේන දෙදිවලගේ ඇතුළු බොහෝ පිරිසකගේ රැකියාවල් අහිමිකොට මහ පාරට ඇද දැමීය. නමුත් මේ කිසිවකුට සාධාරණයක් ඉටු කිරිමට සුභාෂ් කරුණාරත්න ඉදිරිපත් වූයේ නැත.
එහෙත් ඔහු ආණ්ඩුවට පැමිණි වහාම සේවයට බ`දවා ගත යුත්තන්ගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කලේය. ජා.සේ. සංගමය සකස් කළ එම ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ප‍්‍රමුඛයා බවට පත්වුයේ කිසිම දිනක ජා.සේ. සංගමයේ සාමාජිකයෙකු නොවූ සොරකමක් සම්බන්ධයෙන් සේවයෙන් ඉවත් කළ විජේසිංහ නැමති පුද්ගලයෙකි. ඒ අනුව ඔහු පවරා තිබූ නඩුව බලහත්කාරයෙන් ගොස් සමථවකට පත් කොට ලක්ෂ 38ක හි`ග මුදලක්ද සමගින් සේවයට බ`දවා ගත්තේය. කළමනාකරුවෙකු ලෙස සේවය කල මොහු සේවයේ යෙදී සිටියදී විවිධ මූල්‍ය අක‍්‍රමිකතා රැුසක් සිදුකල පුද්ගලයෙකි එමෙන්ම ජා. සේ. සංගමයේ සාමාජිකයන්ගෙන්ද විවිධ පලිගැනීම් කල පුද්ගලයෙකි. ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් පිළිබදව පවතින දේශපාලන විශ්වාසය මත ලේක්හවුස් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාදුන් අතර එම ප‍්‍රමුඛතා ලැයිස්තුවෙන් සේවයට බ`දවා ගත් බහුතරයක් දේශපාලන පලිගැනීම් නොව සොරකම් වලට සේවය අහිමි වූවන්ගේ බව මම වගකීමෙන් අවධාරණය කරමි.
එපමණක් නොව පසුගිය ජනාධිපතිවරණයේදී නැවත රැකියාවල් ලබාදෙන බව කියා කැප්, ටී ෂර්ට් මුද්‍රණය කිරිමට සේවය අහිමි වූවන්ගේන් දස දහස් ගණන් මොහු මුදල් එකතු කළේය. එසේ සේවය අහිමිවූවන් යොදවා ඔහුට අයිති හෝමාගම ප‍්‍රදේශයේ මඤ්ඤොක්කා වත්තක සති ගණනක් තිස්සේ වැඩ ගත්තේය. ඔවුන්ට වූ පොරොන්දුව වූයේ පාලන ආණ්ඩුව පැමිණි වහාම නැවත නැවත රැකියාව ලබා දීමයි. ඒ අනුව ඒ මහපාරට වැටී සිටින අහිංසක සේවකයන් උදලූ පවා රැගෙන වත්තේ වැඩ කළ යුතුවූ අතර දිවා ආහාරය පමණක් සුභාෂ් කරුණාරත්න සපයා දී තිබුණි. නමුත් ඔවුන්ගේ දුරකථන ඇමතුමකටවත් ඔහු අද ආමන්ත‍්‍රණය කරන්නේ නැත.
කෙසේ වුවත් ලක්ෂ 38ක වන්දි ලැබූ සේවකයාට ගෙදර අරන් යාමට පුළුවන් වූයේ  ලක්ෂ 08ක් පමණක් බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි. සුභාෂ් කරුණාරත්න තමන්ගේ දියණියගේ විවාහ උත්සවය ඉහළින්ම සිදු කළේය. ඔහුගේ පාර්ෂවයෙන් අත්සන් කරණු ලැබුවේද ඔබතුමායි. ඔබතුමා එම උත්සවයේදී තේ එකක් හෝ පානය කළා නම් මේ දුෂිත වෘත්තීය සමිති නායකයා මුදල් උපයා ඇති ආකාරය පිළිබදව යළි යළිත් මෙනෙහි කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටිමි.
මොහුගේ කූඨ ජිවිතයේ තවත් පැතිකඩක් එළියට ආවේ ලේක්හවුස් හිටපු සභාපති බන්දුල පද්මකුමාර මාධ්‍ය හමුවක් පවත්වා තමන්ගේ පාලන කාලය තුළදී කිසිදු දේශපාලන පලිගැනීමක් නොකළ බවට කළ ප‍්‍රකාශයට එරෙහිව මාධ්‍ය හමුවක් පවත්වන ලෙසට ලේක්හවුස් පාලනාධිකාරිය සහ සමස්ථ සේවකයන් ජා.සේ. සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි විටය.
එසේම සුභාෂ් කරුණාරත්නට ඒ සදහා ඉදිරිපත් වන්නට නොහැකිවූයේ එසේ ඉදිරිපත් වුවහොත් වෘත්තීය සටන් පාවා දෙමින් තමන්ගෙන් ලත් වරදාන හෙලිකරන බවට හිටපු සභාපතිවරයා විසින් ඔහුට කරන ලද තර්ජනය නිසා බවද මම ඉතාමත් වගකීමෙන් ඔබතුමාට දැනුම් දෙමි.
එහෙත් මා ඒ සදහා ඉදිරිපත් වූයේ ඊට පිළිතුරක් නොදුනහොත් ලේක්හවුසියට සහ සේවකයන්ට වන අසාධාරණය අපහාසය ඉවසා දරා ගත නොහැකිවය. නැතහොත් ඊට පිළිතුරු ලබා දිය යුත්තේ මා නොව අහිංසක සේවකයන්ගේ අයිතිවාසිකම් නොසලකා හරිමින් දොඩම්ගොඩ මෙන් බදාගෙන තමන්ගේ ඔඩොක්කුවේ වරදාන වරප‍්‍රසාද බෙදා ගන්නා වර්ථමාන ජා.සේ. සංගමයේ සභාපතිවරයාය.
එහෙත් ඔහුට ඉදිරිපත්වීමට හැකියාවක් නැත. මන්ද 2009 වසරේදී බන්දුල පද්මකුමාරගේ දුෂණයන්ට එරෙහිව සමස්ථ සේවකයන් සංවිධානය කළ වැඩ වර්ජනය සුභාෂ්  කරුණාරත්න අමු අමුවේ පාවා දුන් නිසාය. වැඩ වර්ජනය දෙවැනි දවසේ ඔහු දුරකථන පවා විසන්ධි කරගෙන අතුරුදහන් වූයේය. සේවකයන් හත් දෙනෙකුගේ වැඩ තහනම් කරමින් මා ඇතුළු ජා.සේ. සංගමයේ ප‍්‍රබලයන් පිරිසක් අනුරාධපුර, මාතර, කතරගම, මිහින්තලයට ස්ථාන මාරු ලබමින් වැඩ වර්ජනය අසාර්ථකව අවසන් විය. සුභාෂ් කරුණාරත්නය හදිසි වාහන ණයක් සහ එම ණය ගෙවීම සදහා මාසිකව රු. 45.000ක් වැටුපට එකතු විය.
අගමැතිතුමනි,
මේ වන විට මේ දුෂිත වෘත්තීය සමිති නායකයා සාමාජිකයන් බදවා ගැනීම පවා අත්හිටුවා ඇත. මවු ශාඛාවෙන් ප‍්‍රධාන ලේකම්වරයා ලබාදුන් සාමාජික අයදුම්පත් සහ එම අයැදුම්පත් වල සාමාජික මුදල් වැටුපෙන් කපා හරින ලෙස ජා.සේ. සංගමයේ ගිණුම් කාරක ලබා දී තිබෙන ලිපිය පවා කි‍්‍රයාත්මක නොකිරිමට මේ වෘත්තීය සමිති නායකයා මේ වන විට කටයුතු යොදා ඇත.
බරපතල දේශපාලන අසාධරණයට ලක් වූ මා ඇතුළු පිරිසකට මහජන පෙත්සම් කාරක සභාවේදී සාධාරණයක් ඉටු කරන බවට පාලනාධිකාරිය පොරොන්දු වී මේ වන විට මාස දෙකකටත් වඩා ගත වුණද සාධාරණය තබා පිලිතුරක් වත් නොමැත. පාලනාධිකාරියට මේ දුෂිතයා බලපෑඳම් කරන බව මම දනිමි. එසේ හෙයින් මා මෙයින් ඉල්ලා සිටින්නේ මහ මැතිවරණයට පෙර මහජන පෙත්සම් කාරක සභාවේදී මා ඇතුළු පලිගැනීම් වලට ලක්වූ සේවක පිරිසට සාධාරණයක් ඉටු කරන බවට ඇති වූ එකගතාවය කි‍්‍රයාත්මක කිරිමට උපදෙස් ලබාදෙන ලෙසත්,
දුෂණයෙන් තොර ජා.සේ.සංගමයක් බිහි කිරිම වෙනුවෙන් ලේක්හවුස් ශාඛාවට නිලවරණයක් හැකි ඉක්මනින් ලබදෙන ලෙසත්ය.
සංජිව සමරසිංහ
ලේකම් ජා.සේ. සංගමය

ලේක්හවුස් ශාඛාව.

July 17, 2015 | lanka C news

Post a Comment

 
Top